Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
රට ගොඩනැගීමට අවශ්‍ය නම් මුලින්ම එක්සත් ජාතික පක්ෂය ගොඩ නැගිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නව පිරිසකට 2030දී භාර කරන බවත් එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන එජාප 72වැනි සංවත්සරයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයට නව නායකයින් පිරිසක් බිහිකිරීමේ ක්‍රියාමාර්ගය තමන් ආරම්භ කර ඇති බවත් මාධ්‍යයට එක්සත් ජාතික පක්ෂය විනාශ කළ නොහැකි බවත් ඔහු පවසයි.
2015 දී භාර ගත්තේ අත්හැර දැමූ කුඹුරු යායක් වුවත් එය වගා කර දැන් අස්වැන්න නෙළන තත්ත්වයට පත්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඡායාරූප ශමීර රාජපක්ෂ
popular news
රෝසි Thursday, 06 September 2018 01:12 PM
අපුච්චේ එච්චර කල් ඉන්ඩනම් බැරියෝ..... ලබන අවුරුද්දේ යුන්පී හාන්සි. ඔබතුමා ගියේ නැත්නම්...
Reply : 0 0
Daham Thursday, 06 September 2018 01:26 PM
වයස 80 වෙනකම් මම තමයි නායකයා . මෙහෙමත් තණ්හාවක් ! රටට නොපෙනෙන දෙවි පිහිටයි !!
Reply : 0 0
Missaka Thursday, 06 September 2018 01:40 PM
එතකන්ම ඉන්ට වගේ ට්‍රයි එක!. අම්මෝ එහෙම උනොත් රට විනාසයි. MR ට නම් හොදයි වගේ එහෙම උනොතින්.
Reply : 29 136
Champa Thursday, 06 September 2018 01:49 PM
අස්වැන්න ඉතින් තණකොළ තමයි නෙලන්න වෙන්නේ.
Reply : 0 100
Champa Thursday, 06 September 2018 02:03 PM
2030දි? හා හා හා එච්චර කල් ඉන්නද හිතන්නේ? අනුර මේ දවස් වල දිගට හරහට රනිල්ට බැන්නේ විවේචනය කලේ මොකොටද කියල තේරුනේ රනිල්ගේ ඔඩොක්කු කුක්ක 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියලා එකක් ගෙනහම. ව්‍යවස්ථාව කියන්නේ ලක්ෂ 5ක් චන්දෙ අරන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 6ක් විතරක් ඉන්න ඉර බැහැගෙන යන ආණ්ඩුවේ කුලී පක්ෂෙකට සංශෝධනය කරන්න පුළුවන් කොළ කෑල්ලක් නෙමෙයි. ව්‍යවස්ථාව කියන්නේ උත්තරීතර ලියවිල්ලක්. මේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව හෙවත් Whip Bill එක ගෙනාවේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවකට. මේකේ ඇත්ත අරමුණ ව්‍යවස්ථාව නෙමෙයි. වෙන දෙයක්. රනිල්ට චන්ද භීතිකාව. රනිල් හදන්නේ ජනාධිපතිවරණ මහා මැතිවරණ දෙකම නොතබා කාලය දීර්ඝ කරගන්න මේක පාවිච්චි කරලා. මිනිස්සුන්ගේ චන්ද අයිතිය නැති කරන්න ආවොත් ඉතින් ජන බල සේනා, අවි බල සේනා වෙලා කාටවත් නවත්තන්න බැරිවෙයි.
Reply : 0 33
කෝලිත Thursday, 06 September 2018 02:19 PM
අස්වැන්න කපල වි ටික මත්තලට දාන්න බැහැනෙ...ඒක ඉංදියාවට විකුනනවනෙ....මෙි අස්වැන්න කටුනායකටද දමන්නෙ...
Reply : 0 26
Bandula. Thursday, 06 September 2018 04:36 PM
2030..........බාල ගිරි දෝසය අද නොවේ හෙට.
Reply : 0 0
Bandula. Friday, 07 September 2018 09:39 AM
2030.............මගේ අම්මෝ පස්සෙන් ඉන්න අගමැති සිහිනය ඉන්න අයටදෙවියන්ගේම පිහිට.
Reply : 0 0
තරංග Saturday, 08 September 2018 03:24 AM
දැනට හෝඩිය පන්තියේ ඉන්න ළමයින්ට 2030 දී නායකත්වය ගන්න පුළුවන්. රනිල් මහත්තය හැරමිටියෙන් යනකල් UNP නායකයා කියලනේ කියන්නේ. ජයවේවා! දීර්ඝායුෂ ලැබේවා!. හැබැය් එතකොට ලංකාව විකුණලා ඉවර වේවි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd