Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
තම සහෝදරයා 2019 ජනපතිවරණය සඳහා තරග වැදීමට සුදුස්සෙක් වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එයට සම්බන්ධ පක්ෂයන් ජනතාව ඉල්ලන්නේ කවුරුන්දැයි යන්න තීරණය කරනු ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඉන්දියාවේ දේශණයක් පැවැත්වීම සඳහා ඉන්දීය සංචාරයකට එක්ව සිටින හිටපු ජනපතිවරයා ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එසේම සිය වැඩිමහල් පුතා වන නාමල් රාජපක්ෂ මහතාට 2019 ජනපතිවරණය සඳහා තරග කිරීමට නීතිමය වශයෙන් හැකියාවක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
“අවම වයස අවුරුදු 30 සිට 35 දක්වා වැඩිකර ඇති හෙයින් (ජනපතිවරණය තරග කිරීමට) මගේ පුතාට (නාමල් රාජපක්ෂ) අපෙක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන්න බෑ. මගේ සහෝදරයාට ඇත්තටම තරග කළ හැකියි. නමුත් පක්ෂය හා එයට සම්බන්ධ පාර්ශ්ව තීරණය කරාවි ජනතාව ඉල්ලන්නේ කවුරුන්ද කියා.”
කෙසේ වෙතත් මැතිවරණ ව්‍යාපාරය තමන් මෙහෙයවන බවත් මහින්ද රාජපක්ෂ මහතා පවසයි. “ මම පොදුජන පෙරමුණට නායකත්වය දෙනවා. ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවුණත් මට තරග කළ හැකි බවත් මතයක් තිබෙනවා. ඒ පිළිබඳව උසාවියේදී සටන් කරාවි. නමුත් මේ අවධානම ගන්නවද කියලා මම තවම තීරණය කර නෑ.” යැයි ඔහු සඳහන් කරයි.
එසේම ඉදිරි මැතිවරණ සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ව තරග කළත් ඔවුන්ට ජයගැනීමට හැකි වෙතැයි තමන් නොසිතන බවත් හිටපු ජනපතිවරයා සඳහන් කරයි. එසේම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් සමග වැඩ කිරීමට සූදානම් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
popular news
rocky Wednesday, 12 September 2018 04:59 PM
රාජපක්සලා කවුරු ඉල්ලුවත් අපෙන් නම් චන්ද ලැබෙන්නේ නැහැ. වටේ ටම ඉන්නේ ඔක්කොම වගේ හොරු .. අපරාධ කාරයෝ .. කොමිස් කාක්කෝ!
Reply : 1 3
somapala Wednesday, 12 September 2018 05:54 PM
නාමල් ලංකාවේ ජනාදිපති.! මේක විහිලුවක්ද? ලංකාවේ ඉන්නෙය් හරක්ද?
Reply : 0 4
Champa Wednesday, 12 September 2018 06:18 PM
හිටපු ජනාධිපතිතුමා, 2015 ජනවාරි ඔබේ පරාජයට බලපෑ ඔක්කොම කාරණා වචන තුනකට කැටි කලොත් ඒවා තමයි; ඥාති සංග්‍රහය, භීෂණය සහ දූෂණය. ඔබට භීෂණය සහ දූෂණය ගැන සෘජු හෝ වක්‍ර චෝදනා නැහැ. තියෙන එකම දේ චන්ද කාලේ දාපු රූපවාහිනී දැන්වීම් ගැන චෝදනාව ඔබට අදාළ නැහැ. ඒක අදාළ චන්ද ව්‍යාපාරය සහ මුදල් බාරව හිටිපු මිනිස්සුන්ට සහ UPFA/SLFP මහලේකම්වරුන්ට. ඔබට පලවෙනි වතාවෙම ඕ චෝදනාවෙන් නිදහස් වෙන්න තිබ්බ හරියට කිව්වා නම්. ඔබ වටා ඉන්න නීතිඥයන්ට සහ ආචාර්ය මහාචාර්යවරුන්ට මොලේ වැඩියි අප්පා. ඔබ උපදෙස් ගන්න තිබ්බේ ගොඩ පෙරකදොරුවෙක්ගෙන්. එහෙනම් ඔබ ඔය චෝදනාවෙන් මිදිලා. මම කියන්න ගියේ අර උඩ චෝදනා තුනෙන් ඔබට අදාල ඥාති සංග්‍රහය විතරයි. එකෙනුත් ඔබට ගැලවෙන්න ලේසියෙන්ම පුළුවන්. ඒ විතරක්ද හතරට බෙදිලා ඉන්න ඔබේ JO කණ්ඩායම ආයේ සමගි කරන්නත් පුළුවන්. දෙන්නද ගොඩ පෙරකදෝරු උපදෙසක්? හිටපු ජනාධිපතිතුමා ඔබ කියන්න, ඔබට ඥාති සංග්‍රහය පිලිබඳ බරපතල (sorry හොඳද) චෝදනා තියෙන හින්දා සහ ඒකත් ඔබේ පරාජයට බල පෑ හින්ද ඔබේ මීළඟ ජනාධිපති අපේක්ෂකය විදිහට රාජපක්ෂ කෙනෙක් තෝරගන්නේ නැහැ කියලා. පවුලෙන් පිට කෙනෙකුට අවස්ථාව දෙනවා කියල. බැරිද එහෙම කියන්න? බයද?
Reply : 0 4
Champa Thursday, 13 September 2018 07:36 AM
හිටපු ජනාධිපතිතුමා මෙතන මේ නාමල් ගැන නම් කියලා තියෙන්නේ මං හිතන්නේ ජන බලය කොළොඹට සංවිධානය කරන එක නාමල්ට දීපු එක ගැන මොකක් හරිම misunderstanding එකක් තියෙනව නම් ඒක නැති කරන්න.
Reply : 0 0
chathuri Thursday, 13 September 2018 05:43 PM
සමහර. දරුවෝ ඉන්නවා. වයසට වැඩිය. මොලේ පිහිටීම. සමහරු නට වයසට ගියත්. මොලේ නැහැ පොඩි ළමයි වගේ හැසිරීම , රටක් පාලනය කරනවා කියන්නේ , බැරෑරුම් වගකීමක් , මම. ජනාදිපති කියල තමන්ට. ඕන විදියට. ජනතාවගේ. මුදල් පරිහරණය. කරන්න බැහැ. වයසට ගිය. ලොකු. කට්ටිය. කෙරුවේ. ඒක. රට. දැන් ගොඩ. ගන්න. අමාරුයි. ඉතින්. කිසිම දෙයක් නොදන්නා. දරුවෝ කොහොමද. මේවට. මුණ. දෙන්නේ. , නමුත්. උගත්. දරුවෝ ඕනතරම් ඉන්නවා රට පාලනය කරන්න තරම් , ඒ දරුවෝ මහන්සි වෙලා ඉගෙන ගෙන. උපාදි. ගත්. අය. නාමල්ගේ උපාදිය. එයාට. කෞද දුන්නේ ඒයාම. තමයි රට බාර දෙන්න. යන්නේ , හිත. හදා ගන්න පුළුවන් මැතිවරණයක්. තියෙන නිසා. නැත්නම්. හිට්ලෙර් නැවත. ඉපදෙයි
Reply : 1 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd