ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිරිසක ඝාතන සැලසුමක් තිබූ බවට හෙලිකළ දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතාට සහ දැනට අනීවාර්ය නිවාඩු ගන්වා සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට හෙට (08දා) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නිකුත් කළාය.
නාමල් කුමාර නමැත්තා හෝ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා නමැත්තා මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කොට නොතිබුණත් ඔවුන් මේ අවස්ථාවේදී විදේශගත වුවහොත් සිද්ධියට අදාළව පවත්වනු ලබන විමර්ශනයට අගතියක් වන බව දැනුම් දෙමින් නියෝජ්‍ය සොලිසටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් අදාළ නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය සිතාසි අදාළ තැනැත්තන් වෙත වහාම භාරදෙන ලෙසට ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ මෝෂමකට අනුව මෙම පැමිණිල්ල කැඳවන ලදී.