Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාරගේ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර තිබේ.
තමන් අම්පාර දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කළ බවත් ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආශිර්වාද කළ බවද හෙතෙම පවසා සිටියේය.
පරිසරය රැක ගැනීමට හා වංචාවෙන් දූෂණයෙන් තොර රටක් නිර්මාණය කර ගැනීමට මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කළ බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
Kasthuri Tuesday, 13 November 2018 10:44 AM
මේ වගේ පුද්ගලයෝ ලං කරගත්ත කියන්නේ, මහින්දගේ කොලේ ඉරාගන්න වැඩක්. ආයේ දෙකක් නැහැ UNP එක ඊලග පාරත් චන්දෙ දිනනවා.
Reply : 0 76
mahinda Tuesday, 13 November 2018 11:07 AM
දැන් තේරෙනවා ජනපති මරා දමන සැලැස්ම කාගේද කියල
Reply : 0 39
Hemantha Tuesday, 13 November 2018 11:25 AM
කුමන්ත්‍රණ කතන්දර ගෙතුවේ ඔය වාසිය ගන්න තමා.
Reply : 0 31
sami Tuesday, 13 November 2018 12:05 PM
දැන්වත් මිනිසු සත්‍ය තේරුම් ගත යුතුව ඇත .මොඋන් බඩගෝස්තරවාදී දේශපාල යන්ගේ අතකොලුය .පිරිහීමේ අවසන් අවස්ථාවට පැමිණ ඇත .
Reply : 0 80
Nandana Tuesday, 13 November 2018 12:10 PM
මේ කවුද?
Reply : 0 14
nirupa Tuesday, 13 November 2018 12:23 PM
ඩෝන්ට් වොටේ him
Reply : 0 24
Kalani Tuesday, 13 November 2018 12:25 PM
මල කෝලම්.
Reply : 0 22
රජින්ද Tuesday, 13 November 2018 01:54 PM
මේ වගේ ඔලමොට්ටල තීන්දු තීරණ ගත්තොත් 2/3ක් ගන්න ලැබෙන එකක් නැහැ. මොහුව ආණ්ඩුවට ලං කරගත්තම වෙන්නේ විරුද්ධවාදීන්ට තටු ලැබෙන එකයි. මදැයි මෙදා පාරවත් ගුණාත්මක-හොඳ-අලුත් මිනිස්සු ටිකකට නාමයෝජනා දේවි කියල අපිත් බලාගෙන උන්නා, ඇත්තමයි මම හිතුවෙම මහින්ද මහත්මයා ඉස්සර තරම් මෝඩ වැඩ ආයෙත් කරන එකක් නැහැයි කියලයි. ඒත් මේ වගේ තීන්දුත් එක්ක අපිට ආයෙත් හිතන්න ඉඩක් ඉතුරුවෙයි වගේ. දේශප්‍රේමී මිනිස්සු ටිකක් දාල 2/3ක ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න පුළුවන් එකම සහ හොඳම මහා මැතිවරණය මෙයයි. මේ මැතිවරනෙත් ගොන් වැඩ නිසා මග ඇරුණොත් ආයෙත් කිසිම අවස්ථාවක් ලැබෙන එකක් නැහැ. සත්‍යයි..!!
Reply : 0 6
Deepal Nirosh Tuesday, 13 November 2018 02:08 PM
කොහොම හරි තරඟයේ වීරයා වුණා. ඒත් ඉතින් මේ වගේ පැරිෂුට් කරුවන් ළං කර ගත්තොත් මහින්ද මහත්තයට වෙන්නෙ පෙර ගමනම තමා.
Reply : 0 3
parakkrama Tuesday, 13 November 2018 02:15 PM
සියල්ල මැනවින් ඉතා පැහැදිළිව පෙනේ. අවශ්‍ය වූ කර්තව්‍යයේ යොදා ගත් ප්‍රධාන ඉත්තා නේ ? ඉතින් නොදී කොහොමද ?
Reply : 0 1
Champa Tuesday, 13 November 2018 04:07 PM
හූඌඌඌ ඔන්න පොහොට්ටුවේ අපේක්ෂකයෝ. බොරුකාරයෝ, පල් හොරු, මිනිස්සු එක්ක යාළුවෙලා ඊට පස්සේ විශ්වාසය දිනා ගෙන කටට දිදී රාජ්‍ය විරෝධී වැඩ කරමු කියල ඊට පස්සේ ඒවා record කරලා අර මිනිහව පොලිසියට පාවල දෙන මිනිස්සු තමයි ඊළඟට පාර්ලිමේන්තු එන්නේ. මම මුල ඉඳලම කිව්වා මේ මිනිහ කාගේ හරි තිර පිටපතක් කියවන්නේ කියලා. බැසිල්ගේ තිර පිටපත කියව්වේ. හිරේ යන්න ඕනේ එවුනුත් පාර්ලිමේන්තු එනව. නෙද්දකින්. චන්දයක් තිබ්බොත් එහෙම මේ පාර්ලිමේන්තුව කලින් එකටත් වඩා අන්ත වෙන ලකුණු දැනටම පහල වෙලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd