‘ජනබලය කොළඹට’ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට කීමට ඇත්තේ “නාමල් ඕක බැරිනම් මන්ත්‍රීකම ළහිරුට දෙන්න” කියා පමණකැයි නීතිය සාමය හා රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි.
හෙතෙම මේ බව පවසා සිටියේ සිරිකොතදී අද (10දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ළහිරු වීරසේකර මහතා මෙවැනි පාගමනක් සංවිධානය කළේ නම් එදින යම් කිසි පෙරළියක් සිදුකරනු ඇති බවත්, කුරුම්බැට්ටි අවධියේ සිටින නාමල් මහතා පොල් ගෙඩියක් කරන්නට මහින්ද මහතා උත්සහ දැරීමෙන් වසර 20කට පමණ පසු පිපෙන්නට තිබූ නාමල පරවී ගිය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.