පස්සර නමුණුකුල කදු පාමුල රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කරයක පමණ ප්රදේශයක් මේ වන විට මුළුමනින්ම ගිනිගෙන දැවී ගොස් ඇති බව ප්රදේශවාසීන් පවසති.
සෑම වසරකම පාහේ මේ කාල වලදී ගිනි ගැනීම් සිදුවන බවත් ගිනි ගැනීමෙන් අක්කර විශාල ප්රමාණයක් ගින්නට හසුවී වනයේ
යටි රෝපනය වන මානම් ඉලුක් ඇතුලු ශාක විනාශ වී යන බව ද කියති.
මේ දින වල ප්රදේශයට පවතින අධික සුලං තත්වය හේතුවෙන් ගින්න සීඝ්රයෙන් පැතිරී යන බවත් අවට ගම්වාසීන් කියයි.
මේ වන විට කිසිම පුද්ගලයකු හෝ පැමිණ ගින්න නිවීමට කටයුතු කර නොමැත.
ලුණුගල - ප්රසන්න පත්මසිරි