අප්‍රේල් 25 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා කැඳවීම අද (12දා) සිට ආරම්භවීමට නියමිතය. නාම යෝජනා කැඳවීම එළැඹෙන 19 දා අවසන්වීමට නියමිත අතර දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 22කදී නාම යෝජනා භාර ගැනීම සිදුවෙයි.
නාම යෝජනා කාලය තුළ විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් සංවිධානය කිරිමට පොලීසිය පියවර ගෙන තිබේ.
ඒ අනුව මහජනයා හැසිරවීම, මැතිවරණ නීතිය උල්ලංඝනය කරන පුද්ගලයන් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම, රථවාහන පාලනය හා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වෙයි.