මුලතිව් දිස්ත්රික්කයට මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් වසර ගණනකට පසුව නන්දිකඩාල්කලපුව පිරී පවතින අතර මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්රධාන මාර්ගය වැඩී ඇති වට්ටුවාක්කල් පාලමට උඩින් ජලය ගැලීමටද පටන් ගෙන ඇති බවට මුලතිව් වැසියන් කියා සිටිති.
පසුගිය දින කිහිපයේ ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන්නන්දිකඩාල් කලපුව පිරී පවතින අතරම නන්දිකඩාල් කලපුව හරහා ඉදිකොට තිබෙන වට්ටුවාකල් පාලම් මාර්ගයට ඉහළින් ජලය ගලාගෙන යන තත්වයක්ද හටගෙන ඇති බවද ප්රදේශවාසීන් පැවසූහ.
වසර ගණනාවක් මුලතිව් දිස්ත්රීක්කයට පැවති නියං තත්වය හමාර කරමින් ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් මේ වන විට නන්දිකඩාල කලපුව පිරීම හේතුවෙන් කලපුවේ එක් ස්ථානයකින් කැඩී ජලය මුහුදට ගලා යාමටද පටන් ගෙන ඇති බවට මුලතිව් වැසියන් වැඩිදුරටත් පැවසූහ.
මධුශංඛ අමරසිංහ