නානුඔය දුම්රිය ඉංජිනේරු කාර්යාලයේ ඉංජිනේරුවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු ඇසුරු කිරීම හේතුවෙන් එම කාර්යාලය අද (04) සිට තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන ඇතැයි නානුඔය පොලීසිය පවසයි.
එම කාර්යාලයේ ඉංජිනේරුවරයාගේ බිරිඳට මෙසේ කොව්ඩ් ආසාදිත වී ඇති බවට ලද තොරතුරු මත එම කාර්යාලය සමග සෘජු සම්බන්ධතා පැවැත්වු සේවකයන් ඇතුළු පුද්ගලයන් 43 දැනට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති මෙම පුද්ගලයන් ඉදිරියේදී පී. සී. ආර්. පරීක්ෂණවලට භාජනය කිරීමට පියවර ගන්නා බවද සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.