පක්ෂ විනය කඩකිරීමේ චෝදනාව මත පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනෙකු මේ මස 14 හා 15 යන දෙදින තුළ විනය කමිටුව වෙත කැඳවා තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
මේ අනුව 14 වැනිදා ඩිලාන් පෙරේරා, එස්.බී. දිනාසායක හා ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන පක්ෂ සාමාජිකත්වය දරන මන්ත්‍රීවරුන් විනය කමිටුව කැඳවා තිබෙන බවත්, 15 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා කැඳවා තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දෙනාට අපේක්ෂකත්වය ලබාදෙන බවත්, මනාප ගැටලු නිසා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවෙන් ඉදිරිපත් කිරීම පිළිබඳ සුළු පිරිසක් විරෝධය දැක්වුවද, මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවෙන් මැතිවරණයට ඉදිරිපත් වන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
අද (11දා) පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය.