මහනුවර මහනගර සැලැස්ම නිර්මාණය කිරීම හා අධිවේගී මාර්ගයේ තුන්වැනි අදියර ඉදිකිරීම සම්බන්ධව ජපාන රජය ශ්‍රී ලංකාව වෙත දක්වන සහයෝගය පිළිබඳව කෘතඥතාව පළකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29දා) පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකනෙ මහතා හමු වූ අවස්ථාවේ පැවසීය.
ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය නකනෙ මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන මුල්ම අවස්ථාව මෙය වූ අතර, දෙරට අතර සබඳතා තව තවත් ශක්තිමත් කරලීම ජපානයේ අපේක්ෂාව බව ඔහු දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා නාවුක හමුදාව වෙනුවෙන් ආරක්ෂක යාත්‍රා දෙකක් ලබාදීම සම්බන්ධ ස්තුතිය පළකළ වික්‍රමසිංහ මහතා ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය තහවුරු කරලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගනු ලබන ප්රයත්නය පිළිබඳවද මෙහිදී කරුණු පැහැදිලි කළේය.
මෙහිදී නිදහස් නාවුක ගමනාගමනයේ වැදගත්කම අවධාරණය කළ ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා ජපානයේ පූර්ණ සහය ලබා දෙන බව පැවසීය.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික කරුණු ගණනාවක් කෙරෙහි ද මේ සාකච්ඡාවේදී අදහස් හුවමාරු කර ගැනිණි.