නිදි යහනේ දී මියගිය තිදරු පියාගේ මරණයට හේතුව කොවිඩ් නිව්මෝනියාවෙන් ඇතිවු සංකුලතාබව පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වී ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ 71 හැවිරිදිවියේ පසුවන අහංගම, මිගහගොඩ, කළුවගහදුව ප්‍රදේශයේ තිදරු පියෙකි.
මෙකි පුද්ගලයා රාත්‍රි ආහාරය ගෙන නින්දට ගොස් ඇති අතර පසුදින අළුයම 5.30ට පමණ බිරිද තේ කොප්පයද රැගෙන ගොස් මොහු අවදිකිරිමට උත්සාහ කොට ඇත.එම අවස්ථාවේ දි මොහු කථා කොට නොමැති අතර අංක 1919 හදිසි ගිලන් රථ සේවාවට දැනුම් දි ඇත. මෙකි පුද්ගලයා මියගොස් ඇති බව පසුව දැන ගෙන ඇත.
මෘතදේහය කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරය වෙත යොමුකොට සිදුකළ පි.සි.ආර් පරික්ෂණයේ දි ඔහුට කොවිඩ් වෛරසය වැළදි ඇති බවට අනාවරණය වී ඇත.