නාවික හමුදාව ඊයේ (8) දින සිදු කළ විශේෂ සෝදිසි කිරිමකදී ත්‍රිකුණාමලය, ලංකාපටුන ප්‍රදේශයේදී ආගමන හා විගමන නීති උල්ලංඝනය කරමින් ව්‍යාපාර කටයුතුවල නිරත වූ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
ඒ අනුව, සංචාරක විසා මඟින් මෙරටට පැමිණ ඇති මෙම පුද්ගලයින් දෙදෙනා නීතිවිරෝධී ලෙස ලංකාපටුන ප්‍රදේශයේ රෙදිපිළි අලෙවි කරමින් සිටියදී මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද අතර, ඔවුන් ළඟ තිබි අලෙවි කරමින් තිබූ සල්වාර් 41 ක්ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින් සහ සල්වාර් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ලංකාපටුන පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරුණි.