නීතිවිරෝධී ලෙස මුලතිව් දිස්ත්රීක්කයේ සැඟව සිටි ඉන්දීය ජාතිකයින් පස්දෙනෙකු අද (18) දින මුලතිව් කුමුලමුනේ ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් බවට මුලතිව් පොලීසිය පවසයි.
මුලතිව් පොලිස් ස්ථානයේ නිලධාරීන්ට අදාළ ඉන්දීය ජාතිකයින් පිරිස පිළිබඳව ලද තොරතුරක් මත සිදුකළ වැටලිමකදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් අවුරුදු 17ත් 53ත් අතර වියේ පසුවන්නන් වන අතර ඔවුන් මුලතිව් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසීය.