විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිවුදෙනෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොවුන් අද උදෑසන 6.30 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් .- 547 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි .
මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ තුළ මෑත ඉතිහාසයේ සිදු කළ විශාලතම දුම්වැටි වැටලීමකි.
මෙම දුම්වැටි තොගය නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ සිවුදෙනා කුළියාපිටිය , නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31, 49 සහ 40 වයස් වල පසුවන ව්‍යාපාරිකයින් තිදෙනකු සහ වයස අවුරුදු 39 ක් වන ව්‍යාපාරික කාන්තාවකි . මොවුන් කණ්ඩායමක් වශයෙන් සංවිධානය වී විදේශ රටවල් වෙත ගොස් එම රටවලින් විවිධ භාණ්ඩ මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ යෙදී සිටින්නන් බව රේගුව සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය කර ගෙන තිබේ .
මොවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු වල රුපියල් 69 ලක්ෂයක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 1,38,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 690ක සගවා ගෙන තිබූ බව රේගුව පවසයි .