තිරිගු පිටි බවට ප්‍රකාශ කරමින් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට කොළඹ වරායට ගෙනැවිත් තිබූ රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් (1,50,00,000) වටිනා කහ කුඩු තොගයක් 01/04 දින උදෑසන ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේ දී ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .
රේගුව නොමග යැවීම සදහා තිරිගු පිටි කිලෝ ග්රැම් 19,350 ක් බව සදහන් කරමින් ඉන්දියාවේ සිට අඩි 20 ක් දිගැති මෙම බහාලුම , කොළඹ මෝදර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් ඉකුත් 12/21 දින කොළඹ වරායට ගෙනැවිත් තිබුණි .
මෙම බහාලුම පිළිබඳව සැක සිතූ රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන් මෙම බහාලුම 01/04 දින උදෑසන ඔරුගොඩවත්ත බහාලුම් පර්යන්තයේ දී විවෘත කර පරීක්ෂා කිරීම සිදු කෙරුණි .
එහිදී ඒ තුළ තිබූ කහ කුඩු කිලෝ ග්රැම් 7,500 ක් සහ තිරිගු පිටි කිලෝ ග්රැම් 11,850 ක් සොයාගෙන අත් අඩංගුවට ගැනීමට රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන් සමත් වී තිබුණි .
ඒ අනුව මෙම කහ කුඩු තොගය නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කළ කොළඹ මෝදර ප්‍රදේශයේ ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අතර , එහිදී ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ .
අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් එස්.ආනආනන්දීෂ්වරන් සහ රේගු අධ්යක්ෂ ඩී.ඒ.එස්.චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් පරිදි , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර රේගු අධිකාරීවරුන් වන කැළුම් තුෂාර , සුරේන්ද්‍ර අමරසිංහ , ඉදුනිල් බණ්ඩාර , පුලස්ති ලක්ෂාන් සහ තරිඳු පරණමාන යන මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති .
කටුනායක ටී.කේ.ජී.කපිල