මහවැව ගල්අමුණ ප්රදේශයේ නිවසක් තුළ මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනගාරයක් පවත්වාගෙන ගිය බවට සැකකරන පුද්ගලයෙකු මාරවිල පොලීසිය විසින් අත්අඩ‘ගංගුවට ගනු ලැබ තිබේ.
එම ස්ථානයේ තිබූ නීතිවිරෝධී මත්පැන් ඩ්රෑම්ස් 360ක් හා මත්පැන් නිෂ්පාදනයට යොදා ගැනීමට උපයෝගී කර ගත් බවට සැකකරන උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පී.එදිරිසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන්වරුන් වන අනුර, අධිකාරි, කොස්තාපල්වරුන් වන ඒකනායක, සුජීව, ගයාන්, පොඩිඅප්පුහාමි යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබිණි.
කරුවලගස්වැව ජයරත්න වික්රමාරච්චි