එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටේ නීත්‍යානුකූල අගමැති බවත් ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.
වර්තමානයේ පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“අපට ඇත්තටම අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන්න.මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමා කරලා තියෙන දේ මේ රටේ නීතිය පැත්තකට තියලා ව්‍යවස්ථාවට විරුද්ධව මහින්ද රාජපක්ෂ මහතා පැරෂූට් කාරයෙක් ලෙස ගෙනල්ලා රටේ අග්‍රාමාත්‍ය කර තිබෙනවා.
මේක නීතියට විරුද්ධයි. විශේෂයෙන් ව්‍යවස්ථාවට විරුද්ධයි. මේක ප්රජාතන්ත්රවාදය විශාල ප්‍රහාරයක්. අපට පක්ෂ නෙමෙයි. රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන්න සියලු දෙනාම එළියට එන්න ඕන. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරිම පිළිගත්තොත් මේ රටේ ප්රජාතන්ත්රවාදය යට කරගෙන ඕනම කෙනේක්ට රට පාලනය කරන්න පුළුවන් වෙනවා.
රටක් ඉතුරු වෙන්නේ නෑ අනාගත පරපුරට. අපි පක්ෂ පාට භේදයකින් තොරව ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ගන්න පාරට බහින්න වෙනවා. විශාල ජාත්‍යන්තර සහයෝගයක් ලැබිලා තියෙනවා. මෛත්‍රීපාල සිරසේන මහතා කරපු දේ ගත්තොත් අපිට විශාල කලු පැල්ලමක් වැටිලා තිබෙනවා.
කොහොමටත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි නීත්‍යානුකූල අගමැතිතුමා. රටේ බහුතරයකගේ ඡන්දයෙන් පත්වුණ. ඡන්දෙකට යන්නේ නැතිව ව්‍යවස්ථාවත් මගහැරලා නීතියත් නැතිකරලා උඩින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙනල්ලා අගමැති කරන එක රජයක් හදන එක නීත්‍යානුකූල නෑ.අපේ බහුතරය අපි අරක්ෂා කරනවා. ලබන සැරේ පාර්ලිමේන්තුව රැස්වෙන කොට අපේ බලය පෙන්වනවා.”