අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහට අද (15) දින නීතිපතිවරයාගේ නිල කාර්යාලය වෙත කැඳවා තිබේ.
ඒ, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් කරුණු විමසීමට බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කර සිටියේය.
එහිදී නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුව කෙරෙහි මහජන විශ්වාසය නැතිවන අන්දමින් නොව ඇතිවන අන්දමින් කටයුතු කරන ලෙසයි. නීතියෙන් අවශ්‍ය පුද්ගලයින්ට රැකවරණය ලබාදෙන පුද්ගලයින් නීතියේ රැහැනට ගෙන ඒමට කටයුතු කරන ලෙස මෙන්ම යුක්තිය ප්‍රමාදවීම යුක්තිය අහිමිවීමට තුඩුදෙන කරුණක් බවටද එහිදී නීතිපතිවරයා සඳහන් කර තිබෙනවා.