අග්‍රාමාත්‍ය ධූරයේ නීත්‍යානුකූලව කටයුතු කිරිමේ බලය හිමිවන්නේ කාටදැයි යන්න පිළිබඳව කිසිම පැහැදිලි කිරීමක් කථානායක කරු ජයසූරිය මහතා වෙත ලැබී නොමැති බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි.
නීතිපතිවරයා විසින් යොමුකර ඇති පැහැදිලි කිරිමක් කථානායකවරයා විසින් අණාවරණය නොකරන බවට පළවන මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර බවත් එම නිවේදනයේ දැක්වෙයි.