නත්තල් දිනයේදි සියලු සුරාසැල් වසාදැමේ
- 24 12 2020
- 14:45
- {{hitsCtrl.values.hits}} views
- ..
එළඹෙන 25 වන දිනට යෙදී ඇති නත්තල් උත්සවය නිමිත්තෙන් සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්ර ලත් දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.
කෙසේ වෙතත් සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු බලපත්ර සහිත හෝටල බලපත්ර සහ විශේෂ බුටික් විලා බලපත්ර ලත් ස්ථාන ඊට ඇතුළත් නොවන බව සඳහන් වේ.
දෙසැම්බර් 29 වන දිනට යෙදී ඇති උඳුවප් පුර පසළොස්වක පෝය දිනයෙහිදී ද බලපත්ර වර්ගීකරණයකින් තොරව දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්ර ලත් ස්ථාන සියල්ලම වසා තැබීමටද ඉන් නියෝග කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
