පසුගිය 08 වනදා මුලතිව් නිත්තකෛක්කුලම් වැව් බැම්ම කැඩී යාමෙන් පසුව එම වැව් බැම්ම පිළිසකර කිරීමට මුලතිව් දිස්ත්රීක් ලේකම් කාර්යාලය හා යුද හමුදාව විසින් ඊයේ පියවර ගෙන ඇත.
මුලතිව් දිසාපතිනිය රූපවතී කේදීස්වරන් මහත්මිය ඇතුලු රාජ්ය නිලධාරීන් හා වාරිමාර්ග නිලධාරීන්ද එක්ව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා සෙබලුන් පිරිසක් එක්ව සහයෝගයෙන් කැඩී ගිය නිත්තකෛක්කුලම් වැව් බැම්ම පිළිසකර කිරීමට පියවර ගනු ලැබීය.
වවුනියාව-මධුශංඛ අමරසිංහ