ආගමන විගමන නීති උල්ලංගණය කරමින් මෙරට රැඳී සිටි විදේශිකයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි ඒ අනුව ඊයේ දින (28දා) නවගමුව කොතලාවල ප්‍රදේශයෙන් එක් අයෙකුද ගල්කිස්ස ප්‍රදේශයෙන් 07 දෙනෙකුද වැලිකඩ ප්‍රදේශයෙන් 04 දෙනෙකු සහ දෙහිවල ප්‍රදේශයෙන් කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් ඉරාක, නයිජීරියා, ඉන්දියා සහ තායිලන්ත ජාතිකයින් වන අතර අද දින මොවුන් අධිකරණ වෙත ඉදිරීපත් කිරීමට නියමිත අතර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.