ශ්රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 16 වන දින, පුල්මුඩේ, ජින්නපුරම් ප්රදේශයේදී නීති විරෝධී ලෙස මත්පැන් නිශ්පාදනය කරණු ලබන ස්ථානයක් සහ ඒ සඳහා භාවිතා කරන උපකරණ තොගයක් සොයා ගැනීමට සමත් විය.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් පුල්මුඩේ, ජින්නපුරම් ප්රදේශයේ සිදු කළ පාමුර සංචාරයක් අතරතුරදී කැලෑබද ප්රදේශයක් තුළ සැක සහිත දුම් වහනයක් නිරීක්ෂණය කර ඇත. එහිදී ඒ පිළිබඳව සිදු කළ වැඩිදුර විමර්ශනයේදී නීති විරෝධී ලෙස මත්පැන් නිශ්පාදනය කරණු ලබන ස්ථානයක් සොයා ගැනීමට සමත් විය.