නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට හා ඔත්තුකරුවන්ට විශේෂ මුදල් ත්‍යාග පිරි නැමීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තීරණය කර තිබේ.
මේ වසරේ ජනවාරි මාසයේ 01 දා සිට 3/31 දා තෙක් මාස තුනක කාලයක් නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව ගිනි අවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට හා ඔත්තුකරුවන්ට රුපියල් 3000 සිට රුපියල් 60000 දක්වා මුදල් ත්‍යාග පිරි නැමීමට නියමිතය.
එම මුදල් අත්අඩංගුවට ගැනීමේ දින සිට සති දෙකක් තුළ ගෙවීම් කටයුතු සිදුකිරීමට නියමිතය.