ජනවාරි මස දෙවැනි සතියේ සිට 2020/2021 මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වීමට නියමිතය. ඒ අනු වී සඳහා අනපේක්ෂිත මිල පහල යාම අවම කිරීමේ අරමුණින් වී අලෙවි මණ්ඩලය විසින් සහතික මිලට වී මිලදී ගැනිමට කටයුතු සකස් කර තිබේ.
ඒ අනුව ප්රමිතිගත නාඩු වී තෙතමනය සියයට 14ක් සහිත වී කිලෝ ග්රෑමයක් රුපියල් 50.00 බැගින්ද, තෙතමනය සියයට 14-22 සහිත වී කිලෝ ග්රෑමයක් රුපියල් 44 බැගින්ද මිලදී ගැනීමට නියමිතය.
ප්රමිතිගත සම්බා වී තෙතමනය සියයට 14ක් සහිත වී කිලෝ ග්රෑමයක් රුපියල් 52.00 බැගින්ද, තෙතමනය සියයට 14-22 සහිත සම්බා වී කිලෝ ග්රෑමයක් රුපියල්644 බැගින්ද මිලදී ගැනීමට නියමිතය.
මීට අමතරව පොහොර සහනාධාර ලබන සුළු හා මහා වාරිමාග් ගොවීන්ගෙන් වගා කරන බිමි ප්රමාණය අනුව අවම වශයෙන් හෙක්ටයාර 1-1.5ත් අතර වන ගොවීන්ගෙන් කිලෝග්රෑම් 1000ක් බැගින්ද 1.5ට වැඩි හා 2 දක්වා ගෙවීන්ගෙන් කිලෝග්රෑම් 1500 බැගින්ද වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගැනීමට නියමිතය.