නගර සියයක් එකවර අලංකරණය කිරීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ යෝජනා සදහා තවදුරටත් නිරීක්ෂණ ලබා දිය යුතු බව කැබිනට් මණ්ඩලය විසින් පවසා ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම කැබිනට් පත්‍රිකාවට සංචාරක කලාප සංවර්ධනය ද ඇතුළත් විය යුතු බවට වූ යෝජනාවත් සමගින් එම කැබිනට් පත්‍රිකාව තවදුරටත් වැඩිදියුණු කිරීම වෙනුවෙන් පසෙක තබා තිබේ.
එළඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමේ දී එම කැබිනට් පත්‍රිකාවේ සංශෝධිත පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.