කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේ මහතාත් අගමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ කැබිනට් මණ්ඩලය ගැඹුරින් සාකච්ඡා කර ජනතාවාදී විසඳුමක් ලබා ගත් බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
යහපාලන රජය ප්රජාතන්ත්රවාදයෙන්, සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් කටයුතු කළද පසුගිය රජය සමයේ මෙවැනි සාකච්ඡා නොතිබූ බවත්, එදා රටේ ප්‍රශ්න පිළිබඳ පවුල් පරපුර පමණක් සාකච්ඡා කර ප්රජාතන්ත්රවාදය වෙනුවට ආඥා දායකත්වය හා රාජ්‍ය භීෂණය ක්‍රියාත්මක කළ බවත් ඔහු සඳහන් කළේය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ යහපාලන රජය ඉන්දියාවට විරුද්ධ බවට මතයක් ගොඩනගා ඔස්කාර් සම්මාන දිනාගත හැකි චිත්‍රපටයක් නිර්මාණය කිරීමට විරුද්ධවාදීන් කටයුතු කරන බවත් ඉන්දියානු රජය සමඟ සමීපව කටයුතු කිරීම නිසා මෙරට නිවාස ඉදිකිරීමට ආධාර උපකාර ඉන්දියානු රජයෙන් ලබා දෙන විට එම ක්‍රියාවලිය නතර කිරීමට, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර භේදයක් ඇති කිරීමට විරුද්ධවාදීන් කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.
කැබිනට් මණ්ඩලය තුළ සිදුවන සාකච්ඡා සාවද්‍ය ලෙස හුවා දක්වමින් නැවත බලයට ඒමට විරුද්ධවාදීන් කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ, සූරියවැව, අන්දරවැව ඉදිවූ සරුජයගම උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (19) දින සහභාගී වෙමින් අමාත්‍යවරා මේ බව පැවැසීය.