කොළඹ වරායේ නැගෙනහිර පරියන්තය ඉන්දියානු සමාගමක් සමග එක් වී සංවර්ධනය කිරිම තමන් හොඳ දෙයක් ලෙස සලකන බවත්, ඒ සඳහා තම පුර්ණ සහයෝගය ලබාදෙන බවත් නුවරඑළිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.
පලනි දිගම්බරම් මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ ඊයේ (30දා) දින ජාතික කම්කරු සංගමය සහ කම්කරු ජාතික පෙරමුණේ සමාජිකයන්ගේ හමුවකදීය.
“කොළඹ වරායේ නැගෙනහිර පරියන්තය ගැන කතා කරනකොට, යහපාලන ආණ්ඩුව මෙවැනි හවුල් ව්‍යාපාර සිදු කරනකොට පොහොට්ටුවේ කට්ටිය කිව්වා වරාය, ඉඩම්, ගුවන්තොටුපලවල් විකුණනවා කියලා.
දැන් මේ ආණ්ඩුව ඇවිල්ලත් ඒකම කරන්න යනවා, මම පටු දේශපාලනය කරන්න කැමති නෑ. මම ගිය ආණ්ඩුවේ ඉන්නකොට ඒකට සහයෝගය දුන්නා. අපේ රටේ ජාතික සම්පත් විකුණනවාට කවුරුත් කැමති නෑ.
නමුත් අයෝජකයෙක් ඇවිල්ලා ඒක සංවර්ධනය කරනවා නම් ඒකට ඉඩ දෙන්න ඕනි. මොකද අපේ රටට දැන් සල්ලි නෑ. ණය බර වැඩි වෙලා තියෙන්නේ.
අයෝජකයෙක් ඇවිල්ලා ඒක සංවර්ධනය කරලා අපිට ඒකෙන් 51% ලාභයක් එනවානම් අපි සතුටු වෙන්න ඕනි.
විමල් විරවංශ , උදය ගම්මපිල මහතා ගිය ආණ්ඩු තියෙනකොට මොනවද කිව්වේ අරක විකුණනා මේක විකුණනවා කියලා , දැන් කට වහගෙන ඉන්නවා.
අපි මේ ආණ්ඩුවට කියනවා මේක අයෝජකයෙකුට ලබාදිලා සංවර්ධනය කරලා ලාභ උපයනවා නම් අපි ඒකට පුර්ණ සහයෝගය දෙනවා කියලා”