නාඋල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීගහ ඇල ප්රදේශයේ පිහිටි කඳු සහිත භූමි ප්රදේශයක ඊයේ (16දා) සවස ඇති වූ ගින්නක් හේතුවෙන් ස්වභාවික රුක්ෂලතා රැසක් විනාශවී ඇතැයි ප්රදේශවාසීහු පවසති.
මෙම ගින්න පැය කිහිපයක් පැවැති අතර, සුළඟ හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති බවද වාර්තා වේ.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සොබා රක්ෂිත ප්රදේශයේ පැවැති ගින්න පැය කිහිපයකින් පසු ස්වභාවිකවම නිවී ගිය අතර, ගින්න පාලනය කිරීම සඳහා කිසිවෙකුටත් අවස්ථාව නොලැබූයේ උස් කඳු භූමියක ගින්න හටගත් හේතුවෙන් බව නාඋල පොලීසිය සඳහන් කළේය.
නාඋල - ඉන්දික අරුණ කුමාර