සතිපතා පැවැත්වෙන නාඋල පොළේ පුවක් ගෙඩියක මිල රුපියල් හතයි පනහ දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසති. රුපියල් 2 - 3 අතර මිලකට පසුගිය සමයේ අලවි වූ පුවක් ගෙඩියක මිල එකවරම ඉහළ ගිය බව ඔවුහු පවසති. පුවක් දහස රුපියල් හත්සිය පනහ හා අටසීය මිලකට පැවතීම හරහා තොග මිලදී ගැනීම්වල පහළ යෑමක්ද ඊයේ (19දා) දිනයේදී වාර්තා විය.
පසුගිය සමයේ මධ්‍යම පළාතට ඇදහැලූන වාර්ෂා තත්ත්වයත්, දැනට පවතින දැඩි නියං තත්ත්වයත් හේතුවෙන් පුවක් වෙළෙඳ පොළට ලැබීමේ අඩුවක් පැවතීම මෙසේ මිල ඉහළ යෑමට හේතු වී ඇති බව තොග වෙළෙන්ඳෝ පවසති. පුවක් පලදාව සඳහා ප්‍රමාණවත් ජලය නොලැබීම පසුගිය සමයේදී පවා දක්නට ලැබුනු බවත්, මේ සියල්ල හමුවේ පුවක් මිල ඉහළ යෑම සිදුව ඇති අතර, එලඹෙන මාස් කනනනයේදී හෝ ප්‍රමාණවත් පරිදි වැසි නොලැබුනහොත් පුවක් මිලෙහි වෙනසක් බලාපොරොත්තු විය නොහැකි බවත් තොග වෙළෙන්දෝ කියා සිටිති.
නාඋල - ඉන්දික අරුණ කුමාර