ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධිවරයින් සමඟ සබඳතා පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ධිවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි.
ඉන්දියාවේ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් එම ඉල්ලීම සිදුකරන බව අමාත්‍යවරයා පවසයි.
උතුරේ ධිවර ජනතාවගේ ඥාතීන් හා හිතවතුන් විශාල වශයෙන් ඉන්දියාව තුළ වාසය කිරීම හේතුවෙන් ධීවර කටයුතුවල නිරත වන අවස්ථාවේදී ධිවරයින් ඉන්දීය ධීවරයින් සමඟ සබඳතා පැවැත්වීම, ගනුදෙනු කිරීම සහ භාණ්ඩ හුවමාරු කර ගැනිම සිදුවන බව ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා පෙන්වාදෙයි.
එමෙන්ම ඉන්දියාවේ සිට නීතිවිරෝධි භාණ්ඩ ගෙන ඒමට ධිවරයින් යොමු වූ අවස්ථා ද වාර්තා වී ඇති බව අමාත්‍යවරයා පවසයි.