තද වැසි හා තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හා පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර දේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍ර දේශවල තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70-80 දක්වා ඉහළ යෑමට ඉඩ ඇති බවත් මුහුදු ප්‍ර දේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.