ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින ධීවර ගැටළුව සමතයකට පත්කරගැනීම සඳහා දෙරට අතර ඉදිරි මාස දෙක තුළ රාජත්‍රාන්ත්‍රික සාකච්ඡා යළි ආරම්භ කිරීමට අවධානය යොමුව තිබේ.
මෙම ගැටලුව මානුෂිය ගැටළුවක් සේ සලකා විසඳුම් ලබා ගැනීම පිළිබඳව දෙපාර්ශ්වයේම එකඟතාව ඇතිව තිබේ.
ඉන්දු ලංකා ධීවර ගැටළුව පිළිබදව ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා නියෝජිතයින් අතර අද [ 12 ] විශේෂ සාකච්ජාවක් පැවැත්විණ .
මෙම සාකච්ජාව සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඇතුළු ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසක් හා තමිල්නාඩු හිටපු මහ ඇමති එම්. කරුණානිධි මහතාගේ දියණිය වන පාර් ලිමේන්තු මන්ත්‍රිනී කනිමුලි කරුණානිධි ඇතුළු ඉන්දීය නියෝජිත පිරිසක් එක්වූහ.
මෙහිදී ඉන්දීය නියෝජිත කණ්ඩායමේ ප්‍රධානත්වය දැරූ කනමුලි කරුණානිධි මන්ත්‍රීවරිය ඉල්ලා සිටියේ අත් අඩංගුවට පත්වන යාත්‍රා සහ ධීවරයින් කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසයි.
එවැනි කිසිදු ප්‍රමාදයක් නොවන බව පෙන්වා දුන් ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම අවධාරණය කලේ නීතිමය කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව සිදු කර ඇති බවය.
එලෙස අත්අඩංගුවට ගත් ඉන්දීය යාත්‍රා 174 ක් නිදහස් කර ඇති බව සදහන් කල ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම එහෙත් එම යාත්‍රා මෙතෙක් රැගෙන යාමට කටයුතු කර නැතැයි පෙන්වා දුන්හ.
එහිදී ඉන්දීය නියෝජිත කණ්ඩායම කියා සිටියේ එම යාත්‍රා වෙන්දෙශියේ විකුණා එම මුදල් ලබාදීමට කටයුතු කිරීමේ හැකියාව සොයාබලන ලෙසය.
ඉතාම සුහදශීලිව පැවතී මෙම සකාච්ජාවේදී ඉතාම කඩිනමින් නැවත දෙරට අතර සාකච්ජා ආරම්භ කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණ.