රත්මලාන සිට වේයන්ගොඩ දක්වා ධාවනය වූ දුම්රියේ විදුලි රැහැන් පද්ධතිය කපමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (09දා) උදෑසන අත්අඩංගුවට ගත් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
සිවිල් ඇඳුමින් රාජකාරි කටයුතුවල නිරත වූ, දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.