දේශපාලන තීන්දු තීරණ නිසා අපි එක තැන පල් වෙන රටක් බවට පත් වෙලා - තලතා
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ 2017 වර්ෂයේ ගංවතුර නාය යෑම් ආපදාවලින් විපතට පත් ජනතාවට වන්දි මුදල් ප්රදානය කිරීමේ අවස්ථාවට ඊයේ දින පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.
මේ වනවිට කෝටි 14 ක මුදලක් පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ආපදා සහනාධාර මුදල් ලබාදීලා තියෙනවා මීට පෙර ආපදාවක් වුණාම රජයෙන් රක්ෂණයක් ගෙවුවේ නැහැ.අද 2015 වසරින් පසු සියලුම පුරවැසියන් රක්ෂණය කරලා තියෙනවා.
එදා 2015 ජනවාරි 08 වැනිදාට පෙර ගෙවුවේ රුපියල් පහලොස් දාහක් විතරයි . අද විවිධ විදිහට ගෙවනවා . 2017 මැයි මාසේ වුණු ආපදාවලට අදාළව අද වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම ආපදා මුදල් ගෙවලා ඉවරයි. ස්වාභාවික විපත් ඇති වෙන්නේ අපි විසින්ම කරන කියන දේවල් නිසා.එදාට වැඩිය අද ජනගහනය වැඩි වෙලා ඉඩම් විශාල වශයෙන් අවශ්‍යයි. ඉඩ ප්‍රමාණය මදි . එහෙම තියෙද්දිත් රජයේ ඉඩම් විකුණන්න ක්‍රියා කරනවා.
දැන් ඔය ගොල්ලෝ දන්නවා දවස් 56 ක් රටේ වැඩක් නැතිව තිබුණා . ඒ දවස් ටික ආපහු මොනවා කරලාවත් අද්දන්න බැහැ. දවස් 56 ක් වෙච්ච දේ නිසා රට ආපහු 2015 ට පෙර තිබුනු තැනට නැවත ගිහිල්ලා තියෙනවා.නැවත අපිට ගොඩ නගන්න සිද්ධ වෙලා තියෙනවා. අපි මොන අභියෝග ආවත් අපි ඉන්නේ ජනතාවගේ පැත්තේ . අපෙන් කෙරෙන්ඩ තියෙන දේ අපි කරනවා. තමුන්නාන්සේලාට ඕන දේශපාලන තීන්දු තීරණයක් ගන්න පුළුවන් . බලය ලබා ගන්න හා බලය රැක හිතා ගෙන වැඩ කරන ආණ්ඩුවක් නෙවෙයි මේක.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
