කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවන් බඩු කොට්ඨාසයට අනුබද්ධිත ගුදමක් වෙත ගුවන් මගින් එවා තිබූ සැක කටයුතු ගුවන් තැපැල් පෙට්ටියක් විවෘත කළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් , ඒ තුළ වූ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා මෙතැම්පටමයින් නැමැති මත්ද්‍රව්‍ය පෙති තොගයක් අද (10දා) අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
මෙම ගුදම් බඩු ගබඩාව වෙත එවා තිබූ සැක කටයුතු පෙට්ටිය විවෘත කර පරීක්ෂා කළ , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් , ඒ තුළ වූ ඇදුම් කීපයක් දැක ගැනීමට හැකි වී තිබේ.
ඒවා මෙම පෙට්ටියෙන් ඉවත් කර , තවදුරටත් මෙම ඇදුම් බහා තිබූ පෙට්ටිය පරීක්ෂා කර බලත්දී , එම පෙට්ටිය අධික බරකින් යුතු බව මෙම නිලධාරීන්ට අනාවරණය වී තිබේ.
පසුව එම පෙට්ටිය සකස් කර තිබූ කාඩ්බෝඩ් ගලවා වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී , එම කාඩ්බෝඩ් අතර සූක්ෂම ලෙස මෙම මෙතැම්පටමයින් තොගය පොලිතීන් බෑග් තුළ අසුරා සගවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි.
මෙම මෙතැම්පටමයින් , එක්ස්ටසි යන නමින් ද හදුන්වන අතර, මෙම පෙට්ටිය තුළ සගවා තිබූ ඇසුරුම් තුළ මෙම මෙතැම්පටමයින් පෙති 5716 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.
මෙම ගුවන් බඩු බහාලුම කොළඹ , අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ නමට , ත්‍යාගයක් ලෙස ප්‍රංශයේ සිට එවා තිබුණි. පසුව මෙම පුද්ගලයා සොයා ගිය රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ඔහුව අත් අඩංගුවට ගැනීමට ක්‍රියා කර තිබුණි.
