මුලතිව්හි අවුරුදු 12ක් වන බාල වයස්කාර දැරියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම දැරියගේ මව, පියා, සහෝදරිය හා මස්සිනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පසුගිය 15 දා මෙම දැරිය අතුරුදන් බවට පොලීසිය ලැබුණ පැමිණිල්ලක් අනුව දැරියගේ සිරුර නිවස අසළ කැලෑවක තිබී සොයා ගන්නා ලදී.
ඉන් අනතුරුව කළ විමර්ශනයේදී මුලින්ම දැරියගේ මස්සිනා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු දිගින් දිගටම තොරතුරු වසන් කිරීම හේතුවෙන් ඝාතනය සම්බන්ධයෙන් පසුව සැකපිට දැරියගේ මව, පියා හා සහෝදරිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන්ගෙන් වෙන් වෙන්ව කළ ප්රශ්න කිරීම් හමුවේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු අණාවරණය වූ බව පොලීසිය පවසයි.
ඝාතනය සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට ගත් සැකකරු එළැඹෙන ජනවාරි 04 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සෙසු සැකකරුවන් අද (24දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.