දිවයිනේ ස්ථාන තුනකදී සිදුවූ දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මනම්පිටිය - මනම්පිටිය ඉද්දපිච්ච වැවේ ඔරු පදිමින් සිටියදී ඔරුව පෙරළීමෙන් සිදුවූ අනතුරකින් 34 හැවැරිදි පුද්ගලයෙක් අතුරුදන්ව ඇත. අතුරුදන් පුද්ගලයා සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මාදම්පේ - මාදම්පේ මැරන්බැට්ටිය ගඟේ දිය නාමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් අතරින් එක් පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ. අතුරුදන් පුද්ගලයා සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.
කුච්චවේලි -කුච්චවේලි, එරක්කණ්ඩිය මුහුදේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු දියේ ගිලී බරපතල තත්ත්වයෙන් නිලාවේලි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ. අවුරුදු 13 හා 14 වියැති ළමුන් දෙදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.