ගංවතුරින් දැඩි හානි සිදුවු පුත්තලම දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කිරීමේන් පසු නැවත දින 21 කින් පසුව දුම්රිය ධාවනය ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තුමේන්තුව 28 දින පැවසිය.
කොරෝනා හේතුවෙන් නැවති තිබු දුම්රිය නැවතත් රට පුරා ආරම්භ කර තිබුණද හලාවත සිට පුත්තලමට දුම්රිය ධාවනය නැවති තිබු අතර එය යළි ආරම්භ කිරීමට සුදානම්ව තිබියදි ගංවතුර නිසා පසුගිය 8 දින දුම්රිය මාර්ගයට හානි විමත් සමග නැවතිණ.
එය නැවත යථා තත්වයට පත්විමේන් පසුව 28 දින කොළඹ කොටුවේ සිට බලවේග කට්ටල අංක 404 දුම්රිය පුත්තලම ලගා විම සිදුව තිබුනී.
දුම්රිය පාලන මැදිරිය පවසා සිටියේ පෙර පරිදි නැවතත් පුත්තලම මාර්ගයේ දුම්රිය ගමනා ගමන කටයුතු ආරම්භ කර ඇති බවයි.
ඒ නිසා පුත්තලම මාර්ගයේ දුම්රිය මගීන්ට නැවත දුම්රිය ගමනා ගමන කටයුතු වලට එක්වන ලෙසද පාලන මැදිරිය පැවසිය.
දුම්රිය දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග වලට අනුව පුත්තලම දිස්ත්රික්කයට වසර 50 ආසන්න කාලයකින් ඇද හැළුන දැවැන්ත වර්ෂාවෙන් පුත්තලම දුම්රිය මාර්ගයට මෙසේ ස්ථාන රැසකින් දැඩි හානි සිදුව ඇති බව කියයි.
දුම්රිය මාර්ගයට ගංවතුරින් සිදුවු හානිය නඩත්තු කිරීම සදහා රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වැය වි ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
