සෙවණගල ප්රදේශයේදි වයස අවු 13ක දැරියක් අපයෝජනය කිරිමේ අන්දෝලනාත්මක සිද්ධියට සම්බන්ධ තණමල්විල ප්රාදේශිය සභා මන්ත්රී නාලක රණවිර පක්ෂයෙන් නෙරපා හැරිමට පියවර ගත් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පක්ෂයේ ප්රධාන ලේකම් සාගර කාරියවසම් මහතා විසින් වහාම ක්රියාත්මක වන පරිදි තණමල්විල ප්රාදේශිය සභා මන්ත්රී නාලක රණවිරගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවිමට අදාළ ලිපයද මේ වන විට යොමු කර ඇති බවත් ඔවුහු සඳහන් කරති.
ඒමෙන්ම පක්ෂයෙන් නෙරපා හැරිමට අදාළ නීතිමය කටයුතු සිදු කිරිමටද ශ්රී ලංකා පොදුජන පෙරමුණු පියවර ගෙන තිබේ.
පොලීසිය මගහරිමින් සිටි තණමල්විල ප්රාදේශිය සබා මන්ත්රී නාලක රණවිර මහතා ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනිමට සෙවණගල පොලීසිය කටයුතු කළ අතර ඔවුන් ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මේ වන විට පියවර ගෙන තිබේ.
