ශ්‍රී ලංකාව තුල මේ වන විට පැතිරී යමින් පවතින කොවිඩ් 19 වෛරස් තත්ත්වය පදනම් කොටගෙන ශ්‍රී දළඳා මාළිගාව වැදපුදා ගැනිම සදහා දෛනිකව පැමිණෙන සැදහැවතුන්ගේ ආරක්ෂාව උදෙසා දළඳා වහන්සේ වැදපුදා ගැනිම සදහා පැමිණෙන සියලු සැදැහැවතුන්ගේ හැදුනුම්පත අනිවාර්ය කර ඇති බව මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දැල මහතා අද (24) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.
ශ්‍රී දළඳා මාළිගාවේ මෙන්ම මෙහි පැමිණෙන අනෙකුත් සැදැහැවතුන්ගේ සුරක්ෂාව පතා “ කොවිඩ් _19 වෛරස තත්ත්වය හේතුවෙන් මේ වන විට නිරෝධායන ඇදිරි නිතිය පනවා ඇති ප්‍රදේශ වල වෙසෙන පිරිස් හා ඒ අයගේ ආශිතයන් ශ්‍රී දළඳා භුමියට ඇතුලුවිම තාවකාලිකවද නවතා ඇති බව එම මාධ්‍ය නිවේදනයේ සදහන්ය.
දළඳා වහන්සේ වැදපුදා ගැනිම සදහා පැමිණෙන සියලු සැදැහැවතුන්ගේ හැදුනුම්පත අනිවාර්ය කර ඇත්තේ දළඳා වහන්සේ වදපුදා ගැනිම සදහා පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව උදෙසාත් ,චිරාගත සම්ප්‍රදායකව පැවතගෙන එන දළඳා පූජෝපහාර,තේවාවත් පිළිවෙත් නොකඩ නොකට පවත්වාගෙන යෑම පිණිසත් පැමිණෙන සියලු සැදැහැවතුන්ගේ ආරක්ෂාව උදෙසාත් මෙම ක්‍රියාමාර්ගය ගත් බව එම ලිපියෙහි සදහන්ය.
එසේම ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයට ඇතුල්වන සියලුම සැදැහැවතුන් මුව ආවරණ පළඳා දෑත් සෝදා , ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරිම ආදි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිසියාකාරව ක්‍රියාත්මක කිරිමෙන් අනතුරුව මැළිගා භුමියට ඇතුල් කර ගනු ලබන බවද සදහන්ය.
ශ්‍රී දළඳා වහන්සේගේ ආශිර්වාදයෙන් කොරෝනා උවදුරින් පීඩාවට පත්ව සිටින ලංකාවාසි හා ලෝකවාසි සැමට නිදුක් නිරෝගි සුවපත්භාවය ලැබි මෙම වසංගත තත්ත්වය ඉතා ඉක්මණින් තුරන් වේවායි ප්‍රාර්ථානා කරනු ලබන බවද මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දැල මහතා සදහන් කර ඇත.