රත්නපුර පොලිස් වසමට අයත් ඇලපාත, ඩයස්වත්ත ප්‍රදේශයේ පලාවෙල දොළ ආශ්‍රිතව තිබු සැකකටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී විද්‍යුත් ඩෙටනේටර් පහක් සහ වයර් කිහිපයක් ඊයේ (8) දා සවස හමුවූ බව රත්නපුර පොලීසිය පවසයි.
ප්රදේශවාසියෙක් විසින් 116 හදිසි දුරකතනයට කළ දැනුම්දීමක් මත මෙම සෝදිසිය සිදුකරනු ලැබීය. සැකකටයුතු පාර්සලය එතැනට දැමූ පුද්ගලයා හෝ එම ඩෙටනේටර් අයිතිකරු පිළිබඳව සායාගැනීම සඳහා පොලීසිය විමර්ශන පවත්වයි.
රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඞී.ඒ.සේරසිංහ සහ පොලිස් අධිකාරී පී.ඒ.ඞී. විජේරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.