පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සිට ලොරියකින් දෙහිවල මධ්‍යම වෙළඳ සංකීර්ණය ට මාළු ප්‍රවාහනය කළ පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාධිත වීම හේතුවෙන් අද 22 එම වෙළෙඳ සංකීර්ණය මුද්‍රා තබා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම් ඩ් අජිත් සංජීව මහතා පැවසීය
එම ආසාදිත පුද්ගලයා මාළු රැගෙන පැමිණි අවස්ථාවලදී එම වෙළෙඳ සැල්වල ගැවසීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත
එම වෙළෙඳ සංකීර්ණයේ සියලුම වෙළඳ වෙළඳ සැල් හිමියන් සහ සේවකයන් ස්වයං නිරෝධාන ලක්කර පි සි ආර් පරීක්ෂණයට භාජනය කිරීම පියවර ගන්නා බව ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය