දෙහිවල තැපැල් කාර්යාලයේ සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබවට සනාථ වීම නිසා 21 වනදා සිට රාජකාරි සදහා විවෘත නොකර වසා දැමීමට කටයුතු කරනු ලැබිනැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු පැවසීය.
මෙම සේවිකාව කරන්දෙනිය සිට රාජකාරි සදහා පැමිණෙන අතර අවසාන වශයෙන් පසුගිය සදුදා දින රාජකාරියට පැමිණ ඇති අතර , ඉන් අනතූරුව අසනීප තත්වයක් නිසා ප්රතීකාර සදහා රෝහල වෙත ගිය අවස්ථාවේ සිදුකල පී.සී.ආර්.පරීක්ෂණ වාර්ථාව ඉකුත් 20 වන දින ලැබී ඇති අතර එහි ඇයට වෛරසය ආසාදනයවී ඇතැයි අනාවරණයවී ඇත .
ඒ අනුව ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබ ඇත. ඒ අනුව 21 වන දින සිට දෙහීවල ඇය සේවය කල තැපැල් කාර්යාලය වසා දැමීමට කටයූතු කරනු ලැබ ඇත.
දෙහිවල එච් එම් ධර්මපාල