දෙසීය විසිපහක් පාර්ලිමේන්තුවට යවන කලබලයට වඩා දෙකෝටි ගණනක් ජනතාවගේ ආක්ෂාව ගැන හිතන්න අපිට මේ අවස්ථාවේ වගකීමක් තිබෙන්නේ යැයි සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් නායක, හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
සමගි ජන බලවේගයෙන් නාම යෝජනා අද (19) භාර දිමෙන් අනතුරුව මාධ්‍යවෙදීන් අමතමින් කරුණාතිලක මහතා මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු අමාත්‍යවරයා,
ජනතා අපේක්ෂා ඉටු කරන්න අවස්ථාව දැන් අපිට ලැබී තිබෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කණ්ඩායමට ජයග්‍රහණය ලබාදීල පාක්ෂිකයො අවුරුදු ගණනක් බලාපොරෙත්තු වු දේ ඉටු කරගන්න අවස්ථාව මහ මැතිවරණයෙන් අවස්ථාව ලැබෙනවා. අපිට විශ්වාසයි අපේ කණ්ඩායම ගැන අපි හොඳට තෝරල බේරල අපිට කණ්ඩායම හදන්න පුළුවන්කම ලැබී තියෙනවා.
ආණ්ඩුව එක එක සිහින මවනව ඇති. නමුත් ඒ පැත්තෙන් මේ පැත්තට ගන්නව මිසක් මේ පැත්තෙන් ඒ පැත්තට යන්නේ නැති බව අපිට විශ්වාසයි. අපි අද ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් සමගි ජන බලවේගය පක්ෂයේ සංධානයෙන් ඉතාම දක්ෂ පිරිසිදු කණ්ඩායමක්.
ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට පක්ෂ පාට භේදයෙන් තොරව මැති සබයට යවන්න පුළුවන් කණ්ඩායමක් තෝරගන්න අපි සමත් වුණා. අපි අද නාම යෝජනා භාරදුන්නා. අපි රජයෙන් බලාපොරොත්තු වෙනවා මැතිවරණයට වඩා අද රටේ උද්ගතවෙලා තිබෙන තත්ත්වය කෙරෙහි දැඩි අවදානයක් යොමුකරන්න.
දෙසීය විසිපහක් පාර්ලිමේන්තුවට යවන කලබලයට වඩා දෙකෝටි ගණනක් ජනතාවගේ ආරක්ෂාව ගැන හිතන්න අපිට වගකීමක් තියෙනව. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනව මේ ව්‍යසනකාරී තත්ත්වය මර්දනය කිරීමට අපට දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දීල මැතිවරණයේ දී සුවිශේෂ ජයග්‍රහණයක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට ලබාගන්න.