දෙසැම්බර් මාසයෙන් පසුව ප්‍රථම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක කවුන්සිල රැස්විමට එක්ව තිබේ. මේ සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාද එක්ව තිබේ. මේ අතර ඊයේ දිනයේදි ආරක්ෂක කවුන්සිලය රැස්වීමට අවශ්‍ය වුවත් ආරක්ෂක ප්‍රධානීන් ඒ සඳහා එක්නොවූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
"මේ පිළිබඳව කලින් තොරතුරු තිබුණත් අපිට ඒක වළක්වා ගැනීමට නොහැකිවුණා.අපිට මේ ගැන තොරතුරු ලැබුණ අවස්ථාවේදී එය වළක්වා ගැනීම වෙනුවෙන් කැබිනට් මණ්ඩලය උපරිම ක්‍රියාමාර් ගත්තා.
අප්‍රේල් 04 දා ජාත්‍යන්තරය විසින් මේ පිළිබඳව ලංකාවට දැනුම් දී තිබුණා. සංචාරක ආකාර්ශණීය ස්ථාන, පල්ලි මෙහි ගොඳුරු බවට නම්කර තිබුණා. පොලිස්පතිවරයාට මේ නම් පවා දැනුම් දී තිබුණා.
මේ ප්රහාරයන්ට ලක්වූ පල්ලි නැවත ප්‍රතිසංස්කරණය කිරිමට ආරක්ෂක අංශ ඉක්මනින්ම ක්‍රියාමාර්ග ගනිවි. "