ශ්‍රී ලංකාව නැවත ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා 2020.12.26 දින සිට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පිහිටි කටුනායක , මත්තල , යාපනය සහ මඩකලපුව යන ගුවන් තොටුපළ වෙත වානිජමය ගුවන් යානා (Commercial Flights ) සහ ස්ථිර කාළ සටහනකින් තොරව ගමන් ගන්නා (Charter Flights ) ගුවන් යානා සදහා සිය මෙහෙයුම් කටයුතු කිරීමට අවසර හිමි වීමට නියමිතය .
එහිදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් ද පසුව නිකුත් කිරීමට නියමිතය .
එමෙන්ම මෙසේ යළි ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා ශ්‍රී ලංකාව යළි විවෘත කිරීම පිළිබඳව ස්ථිර දින වකවානු ඉදිරි දින කීපය තුළ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කර තිබේ .
කටුනායක ටී.කේ.ජී.කපිල