සියලුම දිස්ත්‍රික් කාර්යාල හරහා සිදුවන සියලු සංවර්ධන ව්‍යාපෘති නවත්වන ලෙසට අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලිපියක් යොමුකර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. දේශපාලනය හා අහිංසක මිනිසුන ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘති අතර සබඳතාව කුමක්දැයි ඔහු මෙහිදී ප්‍රශ්ණ කළේය.