සැම සතියකම අධ්‍යාපන අමාත්‍යංශයට 3000ක පමණ ප්‍රමාණයක් මහජන දිනය දවසේ පැමිණෙන බවත් එම තත්ත්වය වෙනස් කිරීම සදහා දිස්ත්‍රික් මට්ටමෙන් ජනතාව සමිපයටම ගොස් ප්‍රශ්න විසදීමට පියවර ගන්නා ක්‍රමයක් සකස් කර ඇති බවත් අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
ඊයේ (18) පොළොන්නරුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන ඇමතිවරයා,
"අපි ජාතික පාසල් 166ක විදුහල්පතිවරුන් පත් කරන්න ලබන සතියේ ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. ඉන්පසු සම්මුඛ පරික්ෂණ පවත්වලා අපි ඉක්මනින් ඒ අය විදුහල්වලට පත් කරන්න පියවර ගන්නවා. අපේ අමාත්‍යංශයේ මහජන දිනයට 3000ක් එනවා ඉසුරුපායට. මම අමාත්‍යංශයට උපදෙස් දුන්නා ගුරුවරු ඒ තුන්දාහ අතර තියන්න එපා කඩිනමින් විසදලා යවන්න කියලා. ඒ කළත් පීඩනය වැඩියි. ඒ නිසා තමයි අපි තීරණය කළේ ඉසුරුපායට ජනතාව එනවාට වඩා ඉසුරුපාය ජනතාව ළගට යන්න. අපි පළවෙනි එක කළා හම්බන්තොට දිස්ත්‍රික්කයේ. ඊයේ බදුල්ල දිස්ත්‍රික්කයේ. අද පොළොන්නරුව. ඒ වැඩපිළිවෙල සමග ඉතාම ඉහල ප්‍රගතියක් තියෙනවා. සමහර ප්‍රශ්න ඉක්මනින් විසදන්න පුළුවන්. මේ සාකච්ජා කාලෝචිතයි. අපිට පුළුවන් ඊළග අයවැය යෝජනා එක්ක මේ සමහර ප්‍රශ්න විසදන්න අවශ්‍ය ප්‍රතිපාදන ලබාගන්න .
තවත් ප්‍රශ්නයක් තමයි පොළොන්නරුව පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ගුරුවරු හදන තැනක්. එතනත් ගුරුවරු හදන්න ගුරුවරු නෑ. තවත් ප්‍රශ්න ගණනාවක් කීවා. ඒ ගැන අපි වහාම සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා."